Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

(Muni Dalada Book Sarasavi) මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023

මුනි දළදා, ශ්‍රී ලාංකේය දේශපාලනයේ දළදා භූමිකාව 310-2023, ආචාර්ය ධර්මරත්න හේරත් විසින් රචනා කොට 2022 වර්ෂයේ දී පළකරන ලද TOOTH RELIC OF THE BUDDHA – A RELIC IN SRI LANKA P by Darmarathna Herath යන ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගයෙහි වැඩ වසමින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ වන්දනයට පාත්‍ර වන ශ්‍රී වාම දංෂ්ට්‍රා ධාතූන් වහන්සේ, ශ්‍රී ලාංකේය රාජ්‍යත්වය ස්ථාපිත කරමින් හා ආරක්ෂා කරමින් ලක්දිව දේශපාලන හා ආගමික ක්ෂේත්‍රයන්හි අති ගෞරවාර්හ පූජ්‍ය වස්තුව බවට පත්වූ ආකාරය විදහා දැක්වීම මෙහි මූලික අධ්‍යාශය වේ.2023 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළලේ දි මෙම අදාළ ඉංග්‍රීසි කෘතිය කෘතිය විශිෂ්ඨතම සාහිත්‍ය හා පර්යේෂණ කෘති අංශයෙන් රාජ්‍ය සාහිත්‍ය සම්්මාන සදහා නිර්දේශ විය -මේ කෘතිය එම ඉංග්‍රිසි ග්‍රන්ථයට නව්‍ය තොරතුරු ඇතුළත් කරන ලද සිංහල පරිව්රතනයකි-
මෙම ග්‍රන්ථය පිළියෙළ කරන ලද අඩසියවසකටත් වැඩි කාලයක් තුළ දළදාවහන්සේගේ දේශපාලන භූමිකාව පිළිබදව පර්යේෂණ කිරිම අනතුරුවය මෙය පිළිබදව ඇගයීමක් කළ ස්‍යාමොපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිගරු ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි මා හිමිපාණන්වහන්සේ ද ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සම්මානිත මහාචාර්ය ඇස් බී හෙට්ටි ආරච්චි මහතා ද මෙය දළදා ඉතිහාසය පිළිබදව මෙතෙක් ඕනෑම භාෂාවකින් ලියැවුණු කෘතින් අභිභවන ආරම්්භයේ සිට අද දක්වා සවිස්තර දළදා ඉතිහාසය හෙළිකරන මාහැගි පර්යේෂණ කෘතියක් බව පවසා ඇත-එය සනාථ කරන කොළඹ වි්ශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ-බී දිසානායක මහතා මෙය සෑම බෞද්ධයෙකු විශේෂයෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා කියවිය යුතු විහාරස්ථානවල තබා ගත යුතු ග්‍රන්ථයක් බව පවසන අතර එම අදහස තව දුරටත් විස්තර කරන කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශ ප්‍රධාන ජේ්‍යෂ්ඨ මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා මෙය ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාල ,පිරිවෙන්, උසස් අධ්‍යාපන ආයතන, පාසල් සහ සහ සෑම මහජන පුස්තකාලයකම තිබිය යුතු සියලුම බෞද්ධයන් විශ්වවිද්‍යාල පාසල් සිසුන් කියවිය යුතු සාරසංග්‍රහයතක් බව අවධාරණය කර ඇත-මෙවන් ඇගයීම් හා නිර්දේශයන් තිබිය දි මෙම ග්‍රන්ථය පිළිබද ස්වාධින ඇගයීමක් කළ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශන මණ්ඩලය එය පාසල් පුස්තකාල ප්‍රකාශනයක් වශයෙන් අනුමත කර ඇත-මේ සියල්ලෙහි කූටප්‍රාප්තිය වන්නේ ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරන ලද 2024 විද්යෝදය සාහිත්‍ය සම්මාන උළලේ දි ශාස්ත්‍රීය හා පර්යේෂණ අංශයෙන් ඉදිරිපත් වූ කෘති 81 අතුරින් 2023 එළි දක්වන ලද විශිෂ්ඨතම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතිය වශයෙන් මුනි දළදා තෝරාගැනීමයි මේ සියලු දෑ හෙළි කරන්නේ මෙම ග්‍රන්ථය විශිෂ්ඨ ගනයේ ග්‍රන්ථය බවය-ි
එහි අන්තර්ගතය සැකවින් දක්වතොත් ශ්‍රී ලාංකේය ඉතිහාසය හා දළදා වහන්සේගේ ඉතිහාසය කිසි ලෙසකින් හෝ වෙන් කළ නොහැකි සේ බැඳී පවතින අතර දළදා වහන්සේ හා සිංහල බෞද්ධ ජනතාව අතර ඇත්තේ ද එවැනි නොනැසිය හැකි සම්බන්ධතාවකි. සිව්වැනි සියවසේදී ලක්දිවට හඳුන්වා දෙනවිට ශූද්ධ වූ ආගමික හා සංස්කෘතික වස්තුවක් වූ දළදා වහන්සේ දොළොස්වන සියවස වන විට ක්‍රමයෙන් දේශපාලන හා ආගමික වස්තුවක් බවට පත්ව දහනව වන සියවසෙහි මැද භාගය වනතුරු සිංහල රාජ්‍යයේ ආරක්ෂකයා ලෙස විරාජමානවීම මෙම ඉතිහාසයේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙයි. මෙම සියවස් අටක පමණ වූ කාලය තුළ නිරීක්ෂණය වන පරිදි දළදා වහන්සේ රජු සන්තකයේ නොමැතිවීම, රාජ්‍ය උරුමය හා ස්ථාවරත්වය පිළිබඳ ගැටලු මතු කිරීමට හේතු විය. දළදා වහන්සේ සතුකර ගැනීම සඳහා වූ අභ්‍යන්තර අරගල හා විදේශීිය ආක්‍රමණ ද, දළදාව විනාශ කළ බවට සමහර විදේශිකයන් ඉදිරිපත් කළ තොරතුරු ද දළදා වහන්සේගේ දේශපාලන වැදගත්කම හෙළි කරයි. මෙසේ දළදා සංස්කෘතිය හා දේශපාලනය එකිනෙක බැඳි පැවතුණ ද මේ දෙඅංශයම මූලික වශයෙන් තම අනන්‍යතාවන් වෙන් වෙන්ව පවත්වා ගැනීම ද දැකිය හැකි වේ.මේ සියලු කරුණු විෂයට අදාළ සියලුම ප්‍රාර්ථමික හා ද්විතීයික මුලාශ්‍රයන් පරිශිලනය කරමින් මෙතෙක් පැහැදිලි නොවු බොහෝ කරුණු පිළිබදව නව අර්ථකථනයන් සපයමින් පිළියෙළ කර ඇති මෙම කෘතිය ජාතික වටිනාකමකින් යුතු විද්වත් ලේඛනයක් වෙයි එපමණක් නොව පරම පූජනීය දළදා වහන්සේ පිළිබඳව ඇති දුර්මත නිෂ්ප්‍රභා කරමින් එහි කීර්ති නාමය තවදුරටත් ප්‍රචලිත කිරීම සඳහා ආචාර්ය හේරත් මහතා විසින් දරා ඇති මෙම උත්සාහය සියලුම ලාංකිකයන්ගේ ඇගයීමට පාත්‍රවිය යුතු වේ-

You can buy both sinhala and english translation of this book throug this link

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *