Note - Sarasavi Blog is currently under construction. We’re working hard to bring you exciting content.

යුගයේ සෙල්ලම විවේ­ච­නය කිරීම කිරු­ළු­කෝ­ලයේ අර­මු­ණයි

ශ්‍යාමා සමරසිංහ

දිණමිණ, විශේෂාංග 2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා

ඡායාරූප – වාසිත පටබැඳි

Sarasavi Blog

“සෙල්ෆි කියන්නෙ

ඔළු­වට වෙඩි තියා ගන්න

පුහු­ණු­වක් නේ ද ?”

මේ පැදි පෙළේ අයි­ති­කා­රයා ඔහුයි. ඔහු කුසල් ධනං­ජය කුරු­විට ය. මේ තරුණ පැදි ගොතන්නා වෘත්ති­යෙන් නීතිඥ මහ­තෙකි. රහට ලිය­න්නෙකි. රස­ව­තෙකි. “පෙමක් මනිනා මාන­යක්, අස්ප­ර්ශ­නී­යන් වෙත” යන කාව්‍ය ග්‍රන්ථයෝ ඔහු අතින් පෙරදා ලියන ලද කාව්‍ය සංග්‍ර­හ­යෝ ය. ඔහුගේ නව­තම ග්‍රන්ථය “කිරු­ළු­කෝ­ලය” යි. මේ “කිරු­ළු­කෝ­ලය” ගැන එහි කතු­වර කුසල් ධනං­ජය කුරු­විට සමඟ කළ සාකච්ඡා සට­හ­නයි.

ඔබ කාව්‍ය නිර්මා­ණ­ව­ලට යොමු වීමේ පසු­බිම කුමක්ද ?

මම කාව්‍ය නිර්මා­ණ­ව­ලට යොමු වුණේ ඉස්කෝලේ යන කාලෙ­දි­මයි. විශේ­ෂ­යෙන්ම උස­ස්පෙළ පන්තියේ ඉඳන් කියලා කිව්වොත් වඩාත් නිවැ­ර­දියි. 2016  මගේ පළමු නිර්මාණ සංග්‍ර­හය එළි­දැ­ක්වුණා. ඒක තමයි, “පෙමක් මනිනා මාන­යක්.” ඊළඟ දෙවැනි පොත තමයි, “අස්ප­ර්ශ­නී­යන් වෙත”. මේක ඉංග්‍රී­සි­ය­ටත් පරි­ව­ර්ත­නය කරල තියෙ­නවා ආචාර්ය විවිමරී වැන්ඩර්පූටන් විසින්. ඒව­ගේම මේක ඉන්දි­යන් ජාති­ක­යෙක් විසින් දමිළ භාෂා­ව­ටත් පරි­ව­ර්ත­නය කරලා තියෙ­නවා. 2025 දී මා කළ නිර්මා­ණය තමයි මේ “කිරු­ළු­කෝ­ලය”.

Sarasavi Blog

 “කිරු­ළු­කෝ­ලය”  යන්නෙන් ඔබ අද­හස් කරන්නේ මොකක්ද? මෙහි අරුත මොකක්ද ?

Crown shyness කියන ස්වභාවික සංසිද්ධිය. පළ­මු­වෙන්ම කියන්න ඕනෑ මේ සිංහල වචනය මගේ වච­න­යක්. පාර දෙපස ඇති විශාල ගස් දෙකක අතු ඉහ­ළදී ළං වෙලා තිබු­ණට එක­කට එකක් ගෑවෙන්නේ නෑ. අතු වියන අතර ඉරි ඇඳලා වගේ ගෑවෙන්නේ නෑ.  ඒක තමයි මම මෙයින් අද­හස් කළේ. ඒ වගේම “කිරු­ළු­කෝ­ලය”  කියලා කවි පංති­යක් මෙහි ඇතු­ළත් වෙනවා.

ඇතැම් තුරු­අත්

අනිත් තුරු අත­කින් නොඅල්ලා

ගෑවී නොගෑවී හිඳී

ඒකි­නෙකා අස­ලින්

අප වගේම ඈත්ව සිටි

මාවතේ තුරු පෙළ

දෙසට අත පාමින්

ඈ කීය……..

සාමූ­හි­කව ජීවත් වුවත්, අප එකි­නෙ­කාට අනන්‍ය වූ පෞද්ග­ලි­ක­ත්වයක් යම් ආකා­ර­ය­කින් පව­ත්වා­ගෙන යන ආකාරය පෙන්වාදීමට තමයි මම එවන් ආකා­රයේ සංකේ­තයක් පාවිච්චි කළේ.

 මේක වෙනස්ම ආකා­රයේ කෘති­යක්. මෙහි සැකැස්ම වගේම ආකෘ­ති­යත් වෙනස් බවක් දකි­නවා. මේ වෙනස් වූ අන­න්‍යතා රැක ගන්න ඔබ යෙදූ උප­ක්‍රම මොන­වාද ?

මේ කෘතිය සමාජ මාධ්‍ය තුළ සෑහෙන විවේ­ච­න­ව­ලට බඳුන් වෙනවා. ඊට ප්‍රධා­නම හේතුව තමයි ආකෘ­ති­මය ලක්ෂණ. ඇත්ත­ටම මේකෙ තියෙන එක ආකෘ­ති­ය­ක්වත් අලු­තෙන් මම හොයා­ගත් ඒවා නෙවෙයි. ඒවා ඉතා­මත් පැරණි ආකෘති. ලංකා­වට ඒවා අලුත් වුණාට මේ ආකෘති ඉතා­මත් පැරණි ඒවා. මහ­ග­ම­ සේ­ක­රගේ හෙට ඉරක් පායයි. මේ වගේ ආකෘති වෙනස් කරලා තියෙ­නවා සෑහෙන්න. අද ඒවා බැලු­වොත් කෙනෙක් අහන්න පුළු­වන් මේ මේවා මහ­ග­ම­සේ­ක­රගෙ ඒවද කියලා.මේ කෘතියේ මම ආකෘති කිහි­ප­යක්ම පාවිච්චි කරලා තියෙ­නවා. නිස­දැස් ආකෘ­තිය පාවිච්චි කළා. ඊට අම­ත­රම පැබ්ලෝ නෙරුඩා අනු­ග­ම­නය කර­මින් ‘කාව්‍ය­මය පැන’ විදිහේ ආකෘ­ති­යක් පාවිච්චි කරලා තියෙ­නවා. ඒවාට ඇත­මුන් ‘ඇපෝ­රි­සම්’ කිය­ලත් කිය­නවා. ඒ වගේම ගද්‍ය කාව්‍ය පාවිච්චි කළා. ඒක සිංහල සාහි­ත්‍ය­යට අලුත් දෙයක් නෙවෙයි.

 ඔබට එල්ල­වන සාහි­ත්‍ය­මය විවේ­ච­න­යන්ට දෙන පිළි­තුර මොකක්ද ?

ආකෘ­තිය, මෙහි ඇති කෙටි ස්වභා­වය. මේවා සිංහල සාහි­ත්‍ය­යට අලුත් ඒවා කියලා ඔවුන් හඳු­න්ව­නවා. ඒත් මේවා කිසි­සේත්ම අලුත් ඒවා නෙවෙයි. කාට­හරි විරුද්ධ වෙන්න පුළු­වන්. ඒත් මේවා කරුණු (facts).  අපි කැමැති වුණත්, අකමැති වුණත් මේවා තියෙ­නවා. ඒවා වෙනස් කරන්න බෑ. උදා­හ­ර­ණ­යක් විදි­හට හයිකු ශානර තියෙ­නවා. ඒවා අපේ ශාන­රත් එක්ක කොහෙත්ම ගැළ­පෙන්නේ නැති වෙන්න පුළු­වන්. ඒවා ඒ ඒ සංස්කෘ­තිය තුළ තියෙන ශාන­ර­යන්. සාහිත්‍යය කියලා කියන්නේ විශේ­ෂ­යෙන්ම  විවිධ සංස්කෘ­තීන් උරා­ගන්නා, විවිධ සංස්කෘ­තී­න්ගෙන් අපේ සංස්කෘ­තිය පෝෂ­ණය කර­ගන්න, අපේ සාහිත්‍යය පෝෂ­ණය කර ගන්නා එක්තරා ආකෘ­ති­යක්. එත­කොට සාහිත්‍යය තියෙන්නේ හැම­වෙ­ලේම බැහැර කරන්න නෙවෙයි, පෝෂ­ණ­යක් ලබා ගන්නයි.

 ඔබ මේ කවි පොත කරන්නේ ඇයි ?

බොහෝ දෙනා අද කවි, කෙටි­කතා, ඇතුළු බොහෝ දේවල් කරන්නේ සමා­ජ­මාධ්‍ය තුළයි. ඒ වගේම නොයෙක් වෙබ් අඩ­වි­ව­ල­ටත් ලිය­නවා. ඒ වගේම  සම­හරු පොත් ප්‍රකා­ශ­යට පත් කර­නවා. මම සමාජ මාධ්‍යයේ නැහැ. ඒ වගේම මට ෆේස්බුක් ගිණු­ම­කුත් නැහැ. ඒ වගේම තව­මත් පොත් කිය­වන පාඨක පිරි­සක් ලංකාවේ ඉන්නවා. පොත සමඟ ගනු­දෙනු කරන විදි­හයි, සමාජ මාධ්‍ය තුළ ගනු­දෙනු කරන විදි­හයි දෙකක්. සමා­ජ ­මාධ්‍ය තුළ කවි­යක් සංස­ර­ණය වුණාට පස්සේ, ඒක හරි­යට දිය සුළිය­කට අහු වුණා වගෙයි. එක­වර විශාල වට­යක් ගිහින් සම්පූර්ණ ශූන්‍ය­ත්ව­ය­කට යනවා එක­වර. පුළු­වන් තරම් එක­පා­රට සංස­ර­ණය වෙලා එක පාර­ටම නැති වෙලා යනවා. හැබැයි පොත් එහෙම වෙන්නේ නෑ. පොත් හැම­දා­මත් තියෙ­නවා. ඒ පොතක් එක්ක මනු­ස්ස­යෙක් මුළු ජීවිත කාල­යම ගනු­දෙනු කර­නවා. අපි කුඩා කාලේ පටන් ගනු­දෙනු කළ සාහි­ත්‍ය­ක­රුවෝ සහ ඔවුන්ගේ නිර්මාණ අපි ළඟ තියා­ග­න්නවා. පරි­හ­ර­ණය කර­නවා. හුව­මාරු කර ගන්නවා. ඒක වෙනම සංස්කෘ­ති­යක්. ඒ නිසයි මමත් මෙය පොතක් විදි­හට එළි දක්වන්න තීර­ණය කළේ.

 ඔබේ “කිරු­ළු­කෝ­ලය”  දුටු  කෙනෙ­කුට හිතන්න පුළු­වන් මේක ඉතා පහ­සු­වෙන් කළ දෙයක් කියලා ?

පැරණි සංදේශ කාව්‍ය ලියද්දී ඒවා ඉතා සුමට තත්බව පාවිච්චි කරලා ලියන කාව්‍ය ආකෘ­ති­යක්. ඒක එක්තරා ආකා­ර­ය­කින් අව­ශ්‍ය­තා­ව සහ ඒ යුගයේ ප්‍රකා­ශන විදිහ. නිර්මාණ කියන එක යුගයට, අපේ වෘත්තී­න්ව­ලට සාපේක්ෂ වෙනවා. එදා ගැල් කර්මා­න්තයේ යෙදුණ අයට රැකි­යා­වෙදී ආ පීඩ­නය, මහ­න්සිය, වට­පි­ටාව එක්ක එය ප්‍රකා­ශ­නය කළ විදි­හක් තියෙ­නවා. අද අපි ජීව­ත්වෙන්නේ ඉතා­මත් වෙනස් තාක්ෂ­ණය හා නොයෙ­කුත් දේව­ලින් කැල­ඹුණු යුග­යක. අපට නිර්මාණ කියන එක තීර­ණය වෙන්නෙ තාක්ෂණ පසු­බිම මුල්ක­ර­ගෙන. එත­කොට මේ තාක්ෂණ පසු­බිමේ දේවල් ප්‍රකාශ කරන්න පැරණි භාෂා­වත් අපට පාවිච්චි කරන්න බැරි­ක­මක් නෑ. හැබැයි  අපට ඒකම කරන්න ඕනෙ කියලා නිය­ම­යක් නෑ. අනු­රාධ මහ­සිංහ කියලා කවි­යෙක් ඉන්නවා. එයා ‘විජ්ජු’ කියලා කාව්‍ය සංග්‍ර­හ­යක් කර­නවා. එයා ලියලා තියෙන්නේ පැරැණි කාව්‍ය ආකෘති සහ කාව්‍ය භාෂා­වකිිින්. හැබැයි, ඉතාම නූතන අත්දැ­කී­මක් ප්‍රකාශ කර­නවා. හැබැයි ඒක එහෙම කරන්න ඕනමයි කියලා අනි­වා­ර්ය­තා­ව­ක් නෑ. ඒ නිසා නිර්මාණ කියන්නේ අනි­වාර්ය දේ ප්‍රශ්න කරන දෙයක්. අනිවාර්යතාවන්වලට අපි  අහු­වෙන්න අව­ශ්‍ය­තා­ව­ක් නෑ. අවු­රුදු 5ක් තිස්සේ මා ලියූ කවි එක­තු­වක් තමයි මේ. ඇතැම් ඒවා මගේ පෞද්ග­ලික අත්දැ­කීම්. ඒ වගේම නොයෙ­කුත් ආකා­ර­ව­ලින් ආපු අත්දැ­කීම් තමයි තියෙන්නේ. මම බොහෝ කවි පාවිච්චි කළා. කෙටි කවි, ‘වයි­රල් වෙන්න අපි වයි­රස්ද’ කියලා වගේ. මේකට ප්‍රති­වි­රෝ­ධය පාන්න මම බොහෝ කවි පාච්ච්චි කළා. එහි උත්ප්‍රා­සය තමයි මට තව­මත් ඒකෙන් ගැල­වෙන්න විදි­හක් නෑ. සාත්‍රෙගේ නෝ එක්සිට් (No Exit) නාට්‍ය වගෙයි. මේ අපා­යෙන් ගැල­වෙන්න විදි­හක් නෑ.

 “ලාච්චුව අවු­ස්සන විට කොණ්ඩ කටු­වක් හිතේ ඇනුණා” ඉති­හා­සය අවු­ස්සන විට හිත රිදුණු දෙයක් විය හැකියි..?

මගේ කොණ්ඩ කට්ට නෙවෙයි අනෙක් අයගේ කොණ්ඩ කට්ට. කාව්‍ය­ය­කින් අපි හැම තිස්සෙම බලා­පො­රොත්තු වෙන්නේ, කාව්‍ය කිය­වන කෙනාට එය සමීප කර­ගන්න පුළු­වන් විදි­හක්. ගනු­දෙනු කරන විදි­හක් විවෘත කරලා දෙන විදි­හක්. එහෙම නැතුව එයා රාමු­ගත කරන දෙයක් නෙවෙයි. මම හිතන දේ අනෙක් කෙනා මත ­ප­ට­වන දෙයක් නෙවෙයි. විශේ­ෂ­යෙන්ම කාව්‍ය කියන්නේ තමන්ව ප්‍රශ්න කරන දෙයක්. ඒ වගේම අපි හොඳ යැයි හඳුනා ගන්නා ඕනම පොතකින් සිදු කරන්නේ අපි දැන­ට­මත් දන්නා දේ ඒ පොත තුළින් තහ­වුරු කරන එක නෙවෙයි. ඒක තමන්ගේ ඊගෝ එක වර්ධ­නය කර ගැනී­මක්. කාව්‍ය සහ කලා නිර්මාණ තියෙන්නේ තමන්ගේ ඊගෝ එක මඬින්න සහ ප්‍රති­වි­රෝ­ධය දක්ව­න්නයි. සමාජ මාධ්‍ය යුගයේ ඊගෝ තීව්‍ර කර­මින් ඉන්නවා. තමන්ව ප්‍රව­ර්ධ­නය කර ගන්නා යුග­යක් මේක. මේ සෙල්ලම විවේ­ච­නය කිරීම මේ පොතේ මූලික අර­මු­ණයි.

ශ්‍යාමා සමරසිංහ

දිණමිණ, විශේෂාංග 2025 අගෝස්තු 21 බ්‍රහස්පතින්දා

Blog article by

Share on

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

Categories