අරීෆා ටේසිංගේ The Witch in the Peepul Tree (බෝ ගසේ මායාකාරිය) නවකතාව The Asian Review මගින් 2023 දෙසැම්බර් මාසයේ නවකතාව ලෙස තෝරාගනු ලැබ ඇත. එය කණිෂ්ක ගුප්තා නියෝජනය කරන HarperCollins India සමාගම විසින් මේ වසරේ පළ කළ 2වැනි කෘතිය වේ.
පොතේ පසුපිට සටහන:
1950 මකර සංක්‍රාන්ති දිනයේ, දහසය වියැති සානාෂ්ගේ මළසිරුර උදායිපූර්හි බෝරාවාඩියේ පිහිටි ඇගේ පියා වන ඩඩාබායිගේ නිවසින් සොයාගනු ලබයි. එදා ඒ නිවස තුළත් ඒ අවටත් සිටියවුන් අතර කුරිරු ඉඩම් හිමියකු වන සිංහගර්හි රාඕ සාහිබ්ද, ප්‍රසිද්ධ අවලමකු වන හරිහරන්ද, කොටි දඩයමක් ගැන ඩඩාබායිට දැනුම් දීමට දුර ඈත ගෝත්‍රික ගමක සිට පැමිණෙන තරුණ භිල් නාතුද, ආකර්ශණීය කසල ශෝධකයකු වන පරිජාත්ද, නවගුණ වැල ගණිමින් බෝ ගසේ ජීවමානව වෙසෙන මායාකාරිය ජීව්තී දක්කන් සිය රහස් සහායිකාව වේවායි ප්‍රාර්ථනා කරන කටසැර කණවැන්දුමිය සුග්රාද වෙයි. හෙවණැලි දිගු වන කල්හි, මේ පුරාණ නිවසේ ශාලා මැදින් කිසියම් දුෂ්ට බලවේගයක් ගමන් කරන බව පැහැදිළි වෙයි. කුතුහලයෙන් සහ අන්ධකාරයෙන් පිරුණු, ශානර සුනු විසුණු කරන බියකරු කතාවක් දිගහැරෙයි.
අරීෆා ගැන:
ළමුන් මෙන්ම වැඩිහිටියන්ද වෙනුවෙන් ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති කිහිපයක්ම පළ කර ඇති අරීෆා ඉන්දියන් එක්ස්ප්‍රස්, ද හින්දු, ඩෙකාන් හෙරල්ඩ්, අවුට්ලුක් මනී, සහ ටෙරාග්‍රීන් වැනි විවිධ ප්‍රකාශනවලට කොලම, විශේෂාංග සහ සංචාරක ලිපි ලියන්නීය. ඇගේ The Chirmi Chasers (ඔළිඳ හඹා යන්නෝ) නවකතාව 2021 නීව් ග්‍රන්ථ ත්‍යාගය සඳහා කෙටිලැයිස්තුගත විය. Amra and the Witch (අම්රා සහ මායාකාරිය) කෘතිය FCCI 2019 වසරේ හොඳම කෘතිය ත්‍යාගය ලැබුවේය. ඇය තම Wild in the Backyard (පිළිකන්නේ පිස්සුවෙන්) කෘතිය සඳහා 2017 වසරේ The Hindu Young World-Goodbooks මගින් හොඳම කතුවරයා ලෙස තෝරාගනු ලැබිණි. ඇගේ The Elephant Bird (අලි කුරුල්ලා) නැමැති පින්තූර කතා පොත 2016 ජගත් සාක්ෂරතා දිනයේදී ඉන්දියාවේ පැල්පත් ජනාවාසවල සිට ජනාධිපති පුස්තකාලය දක්වා 3200කට අධික ස්ථාන ගණනක සිට කියවනු ලැබූ අතර, භාෂා 35කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී තිබේ. Do Tigers Drink Blood and 13 Other Mysteries of Nature (කොටි ලේ බොනවාද? සහ සොබාදහමේ තවත් රහස් 13ක්) කෘතිය චීන බසට පරිවර්තනය කෙරෙමින් පවතී. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පාසල් කිහිපයක් ඇගේ කෘති පාඨ ග්‍රන්ථ සහ අමතර කියවීම් පොත් ලෙස නිර්දේශ කර ඇත. Iora and the Quest of Five (අයෝරා සහ පස්දෙනාගේ ගවේෂණය) නැමැති ෆැන්ටසි නවකතාව 2022 දී එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය තුළ පළ කරනු ලැබිණි. වැඩිහිටියන් සදහා ලියූ ඇගේ ප්‍රථම නවකතාව වන Witch on the Peepul Tree කෘතිය 2023 දී හාපර්කොලින්ස් විසින් පළ කෙරිණි. ප්‍රකට ස්වභාවවේදියකු වන ආචාර්ය රාසා එච්. ටේසිංගේ දියණිය වන අරීෆාගේ ළමාවිය ගෙවුණේ තම පියා සමග කැළෑවල ඇවිදිමින්, ගුහා ගවේෂණය කරමින්, සහ සර්පයන් අතපතගාමිනි. ඈ උදායිපූර් දිස්ත්‍රික්කයේ සම්මාන වනජීවී පාලක ලෙස පත් කර තිබෙන අතර, ඇගේ ලිපි සහ කොලම හරහා සොබාදහම සංරක්ෂණය වෙනුවෙන් කටයුතු කර තිබේ.